Swipe left or right to navigate stories
මුල් කාර්තුවේදී කොළඹ වරාය නගරයට ඩොලර් මිලියන 600 ක ආයෝජන

මුල් කාර්තුවේදී කොළඹ වරාය නගරයට ඩොලර් මිලියන 600 ක ආයෝජන

මේ වසරේ පළමු කාර්තුව (මුල් මාස 3) තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක ආයෝජන කොළඹ වරාය නගරය වෙත පැමිණ ඇති බව මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

වරාය නගරය වෙත මෙලෙස ගලාවිත් ඇති ආයෝජන අතර 'මරිනා හොටෙල් හෝල්ඩිංග්ස් ලිමිටඩ්' සහ 'ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ලිමිටඩ්' යන සමාගම් විසින් ක්‍රියාවට නංවා ඇති ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති තුනක්ද ඇතුළත් වේ.

නව රජය විසින් 'කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත' සම්මත කර තිබීම, මෙලෙස වරාය නගරය වෙත ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය වැඩි වීමට ප්‍රධානතම හේතුවක් වූ බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.



"තනි කවුළුවක" යාන්ත්‍රණයක්

ආයෝජන ක්‍රියාවලිය වඩාත් පහසු කිරීම වෙනුවෙන් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් තනි කවුළුවක ආයෝජන පහසුකම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇත.

මේ හේතුවෙන් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විවිධ රාජ්‍ය ආයතන ගණනාවකට යමින් රස්තියාදු වීමේ කරදරයට මුහුණ දීමට ආයෝජකයන්ට සිදු නොවන අතර එකම ස්ථානයකින් තමන්ට අවශ්‍ය සියලුම රාජ්‍ය අනුමැතීන් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසී තිබේ.



දින 7 න් ලියාපදිංචිය

කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙනු ලැබ ඇති කඩිනම් ආයෝජන පහසුකම් සැලසීමේ වැඩසටහන යටතේ ආයෝජකයන් බලයලත් පුද්ගලයෙකු ලෙස ලියාපදිංචි කිරීමේ කටයුතු දින හතක් ඇතුළත අවසන් කළ හැකිය.

එමෙන්ම අදාළ ගිවිසුම් සියල්ල ඩිජිටල් ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි පරිදි සකසා ඇති අතර නිසි අවශ්‍යතා සපුරා ඇති විදේශීය සේවකයන් සඳහා වැඩ කරන දින පහක් ඇතුළත වීසා අනුමත කර දීමටද අමාත්‍යංශය පියවර ගෙන ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem