Swipe left or right to navigate stories
මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි

මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් බැංකු ගිණුමක තැන්පත් කර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා ලබා සිටි ඩේසි ෆොරස්ට් මහත්මිය එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළේය.

නඩු විභාගයකට මුහුණදීමට තරම් යහපත් මානසික මට්ටමක ඇය පසුනොවන බවට කොළඹ අධිකරණ වෛද්‍යවරයා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ලබාදුන් නිල නිර්දේශ සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම තීරණය ගනු ලැබීය.



යෝෂිත රාජපක්ෂගේ 'නිවැරදිකරු' ප්‍රකාශය

අද දින මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී ඉදිරිපත් කෙරුණු සංශෝධිත අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී කියවා දීමෙන් අනතුරුව, නඩුවේ සෙසු විත්තිකරු වන යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමන් අදාළ චෝදනාවලට නිවැරදිකරු බවය.

විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කිරීමත් සමඟ, නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් මස 02 වැනිදා පැවැත්වීමට මහාධිකරණය දින නියම කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem