Swipe left or right to navigate stories
මීගමුව බන්ධනාගාරයේ යළිත් නොසන්සුන්තාවයක් : මරණ සංඛ්‍යාව 25ක් දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයේ යළිත් නොසන්සුන්තාවයක් : මරණ සංඛ්‍යාව 25ක් දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරය තුළ අද (6) පෙරවරුවේ යළිත් වරක් දරුණු නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර ඊයේ සිට පැවැති ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 25ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (5) පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට පාලනය කර තිබුණද, අද පෙරවරුවේදී එය යළිත් උත්සන්න වී ඇති බව වාර්තා වේ.

අද ඇති වූ නවතම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මීගමුව බන්ධනාගාරය තුළ සහ ඒ අවට තවදුරටත් දැඩි නොසන්සුන් වාතාවරණයක් පවතින බවද වාර්තා වේ.



තුවාල ලැබූවන්

අද පෙරවරුවේ ඇති වූ නවතම නොසන්සුන්තාවය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 25කට ආසන්න වී තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති අතර මෙම උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකුද තුවාල ලබා ඇත.

අද සිදුවූ ගැටුම්වලින් තුවාල ලැබූවන් ඇතුළුව 60 දෙනෙකු පමණ මේ වන විටත් මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



ගැටුමේ ආරම්භය

ඊයේ පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස්, තවත් 34 දෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණි. ඉන් බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

පසුව රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහල මත නැග විරෝධතාවයක නිරත වූ අතර ඉන් ඇද වැටීමෙන් තවත් රැඳවියන් සිව් දෙනෙකු රෝහල්ගත කිරීමට සිදුවිය.

බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවද කැඳවා තිබුණි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem