Swipe left or right to navigate stories
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පේරාදෙණිය පොලිසියට භාර දෙයි

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පේරාදෙණිය පොලිසියට භාර දෙයි

මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් 'රත්මලානේ සයිමා' ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඊයේ (10) පස්වරුවේ මෙරටට රැගෙන එනු ලැබීය.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL215 දරන ගුවන් යානයෙන් ඔවුන් ඊයේ පස්වරු 4.28ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.



විශේෂ මෙහෙයුම

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දිවයිනට රැගෙන ඒම සඳහා සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මැලේසියාව බලා ගොස් තිබුණි.

ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් මැලේසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, රතු නිවේදන නිකුත් කර තිබූ ප්‍රධාන සැකකරු වන 'රත්මලානේ සයිමා' ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.



පේරාදෙණිය පොලිසියට භාරදීම

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන පරිදි ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කංජිපානි ඉම්රාන්ගේ' සමීපතමයෙකු වන 41 හැවිරිදි රත්මලානේ සයිමා නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා ඊයේ රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මොහු 2014 වර්ෂයේදී පේරාදෙණිය පොලිස් වසමේදී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සහ 2016 වර්ෂයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක ප්‍රධාන චූදිතයෙකු වේ.



සෙසු සැකකරුවන්

මේ අතර මැලේසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සෙසු සැකකරුවන් දෙදෙනාද රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය කටයුතු සඳහා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem