Swipe left or right to navigate stories
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දින (21) ක්‍රමයෙන් නැගෙනහිර - මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම

එම පද්ධතිය හෙට (22) තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී, අනිද්දා (23) උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරයට ආසන්නව බටහිර මධ්‍යම සහ යාබද වයඹ දිග බෙංගාල බොක්ක
ප්‍රදේශයට ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.



මුහුදේ තත්ත්වය සහ කාලගුණ අනතුරු ඇඟවීම්

එහිදී "Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-65 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.

"Warning" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇති වන අතර සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා වැඩි වීමත් සමඟ එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.



ධීවර හා නාවික ප්‍රජාවට දැඩි උපදෙස්

පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම මේ වන විටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින්නේ නම් වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසද ඔවුන් උපදෙස් දී තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem