බ්රිතාන්ය අග්රාමාත්ය කීර් ස්ටාමර් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ලන්ඩන් නුවර පිහිටි අග්රාමාත්ය නිල නිවස ඉදිරිපිට විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.
මීළඟ මහා මැතිවරණයකට තම පක්ෂය මෙහෙයවීම සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා තමන්ද යන්න පිළිබඳව ලේබර් පක්ෂය තුළින්ම ප්රශ්න සහ පීඩනයන් මතු වෙමින් තිබූ බව ස්ටාමර් මහතා එහිදී විවෘතව පිළිගත්තේය.
පක්ෂයෙන් නැගුණු එම හඬට ගරු කරමින් තමන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.
සමුගැනීමේ කතාව
තරමක් සංවේදී වෙමින් අදහස් දැක්වූ හිටපු අග්රාමාත්යවරයා, තමන් ධුරය දැරූ කාලය තුළ ගනු ලැබූ සෑම තීරණයක්ම ‘රට මුලින් තැබීම‘ වෙනුවෙන් ගත් තීරණ බවද තරයේ අවධාරණය කළේය.
එමෙන්ම දේශපාලන ජීවිතය පුරා තමන්ගේ ලොකුම ශක්තිය වූ ආදරණීය බිරිඳ වික්ටෝරියා මහත්මියට විශේෂයෙන් ස්තුතිය පුද කළ ඔහු, ඉදිරියේදී තමන්ගේ දරුවන්ට හොඳම පියෙකු වීමට කාලය කැප කරන බවද කියා සිටියේය.
අනුප්රාප්තිකයා කවුද?
කෙසේ වෙතත් ලේබර් පක්ෂය විසින් නව නායකයෙකු නිල වශයෙන් තෝරා ගනු ලබන තෙක් රටේ ස්ථාවරභාවය වෙනුවෙන් තමන් අග්රාමාත්ය ධුරයේ කටයුතු භාරව රැඳී සිටින බව ඔහු ප්රකාශ කළේය.
දේශපාලන විචාරකයන් පවසන පරිදි ස්ටාමර්ගෙන් පසු ලේබර් පක්ෂයේ නායකත්වයට සහ බ්රිතාන්යයේ මීළඟ අග්රාමාත්ය ධුරයට පත්වීමට වැඩිම ඉඩකඩක් පවතින්නේ ඇන්ඩි බර්න්හැම් මහතාටය.
පසුගිය සතියේ පැවැති අතුරු මැතිවරණයකින් විශිෂ්ට ජයග්රහණයක් ලැබූ බර්න්හැම් මහතා, මේ වන විට වෙස්ට්මිනිස්ටර් වෙත පැමිණ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.
Comments
Moderated before publishing. Your email stays private.