සංචාරකයින්ට පාරිසරික හා දේශගුණික වශයෙන් ඉහළ අත්දැකීමක් ලබාදීමේ අරමුණින් බදුල්ල දිස්ත්රික්කයේ ප්රධාන කලාප 10ක් සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමට මධ්යකාලීන වැඩපිළිවෙළක් ක්රියාත්මක කරමින් පවතින බව පළාත් සංචාරක දෙපාර්තමේන්තුව පවසයි.
දිස්ත්රික්කය පුරා විහිදී යන විධිමත් සංචාරක සැලැස්මක අවශ්යතාව හඳුනාගනිමින් මෙම පාරසරික හා දේශගුණික සංවේදී ප්රධාන කලාප 10 තෝරාගෙන ඇත.
සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැති බදුල්ල දිස්ත්රික් සංචාරක අනු කමිටු රැස්වීමේදී මේ පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
මිලියන 320.6ක ප්රතිපාදන
2026 වර්ෂය සඳහා ඌව පළාතේ සංචාරක කර්මාන්තයේ අභිවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 320.6ක ප්රතිපාදන වෙන්වී තිබේ. එම ප්රතිපාදන යටතේ දැනටමත් ව්යාපෘති ගණනාවක් සාර්ථකව ක්රියාත්මක වෙමින් පවතී.
ඒ යටතේ වැල්ලවාය සංචාරක පහසුකම් මධ්යස්ථානය, ඇල්ලේපොළ, කිතල්ඇල්ල දිය කඩිත්ත, අරදුනු ඇල්ල, ගැරඬිය ඇල්ල, පරවියන් ඇල්ල, බිබිලේගම සහ සීලෝන් බංගලාව ඇතුළු ස්ථාන රැසකට පිවිසෙන මාර්ග ප්රතිසංස්කරණය කිරීම සිදු කෙරේ.
දුන්හිඳ ඇල්ල නැරඹුම් වේදිකාව ප්රතිසංස්කරණය කිරීම, සංචාරක ස්ථාන හඳුනාගැනීමේ පුවරු සවිකිරීම, කටුපිළ වැව ආශ්රිත යටිතල පහසුකම් දියුණු කිරීම සහ ඇල්ල නගරයේ ස්ථාන 92ක වීදි ලාම්පු සවිකිරීමද ඊට අයත්වේ.
විශේෂ සංචාරක ව්යාපෘතියක්
මෙයට අමතරව ඌව පරණගම සංචාරක කලාපයක් ලෙස ප්රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 139.77ක පිරිවැයකින් යුතු විශේෂ ව්යාපෘතියක්ද ක්රියාත්මක කරනු ලබයි.
මෙම සාකච්ඡාවේදී දැනට සංචාරක ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු හඳුනාගනිමින් ඊට අදාළ විසඳුම් සහ ඉදිරි යෝජනා පිළිබඳවද දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.
මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, ආණ්ඩුකාර ලේකම්, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන), ප්රාදේශීය ලේකම්වරුන් සහ රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Comments
Moderated before publishing. Your email stays private.