පොලිස් නිශ්කාෂණ සහතික පත් ලබාගැනීමට අදාළව පවතින ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
පරිගණක පද්ධතියේ සිදුකෙරෙන අත්යාවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්රමවේදය ඔස්සේ පොලිස් නිශ්කාෂණ සහතික ලබාගැනීම සඳහා අයදුම්පත් යොමුකිරීම මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇත.
ප්රාදේශීය පොලිස් ස්ථානවලින් අයදුම්පත් භාරගැනීම
නිශ්කාෂණ පරිගණක පද්ධතිය යථාවත් වන තුරු ප්රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් අදාළ නිශ්කාෂණ සහතික ලබාගැනීම සඳහා වන අයදුම්පත් භාරගැනීම සිදුවන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
පැය 24 පුරා ක්රියාත්මක නව දුරකථන අංක
පැය 24 පුරා ක්රියාත්මක පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය ඇමතීමෙන් අයදුම්කරුවන්ට නිශ්කාෂණ අයදුම්පත් යොමුකිරීමට අදාළව ඇති ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
- 071 859 59 46
- 071 859 59 47
- 071 859 59 48
Comments
Moderated before publishing. Your email stays private.