Swipe left or right to navigate stories
පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ස්කොට්ලන්තයේ ග්ලස්ගොව් නුවර පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනා දීමට පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර සමත් විය. ඒ පිරිමි F42-44/F61-64 කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමට හිමිකම් කියමිනි.

පළමු උත්සාහයේදීම මීටර් 46.84ක දුරක් කවපෙත්ත විසිකරමින් සිය හොඳම පෞද්ගලික දක්ෂතාව දැක්වීමටද පාලිත එහිදී සමත් වූ අතර එය එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ප්‍රමාණවත් විය. මීටර් 48.38ක දුරක් කවපෙත්ත විසිකළ වේල්සයේ ඇලෙඩ් ඩේවිස් එහි රන් පදක්කම දිනාගත්තේය.

මෙය පාලිත බණ්ඩාර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී දිනාගත් දෙවැනි රිදී පදක්කම වන අතර මින් පෙර ඔහු, පසුගිය 2022 බර්මිංහැම් ක්‍රීඩා උළෙලේදීද මෙම ඉසව්වෙන්ම රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem