Swipe left or right to navigate stories
'පිල්ලෙයාන්' ඇතුළු තිදෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

'පිල්ලෙයාන්' ඇතුළු තිදෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා ලබන සෙප්තැම්බර් 15 වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියෝග කළේය.

අදාළ නඩුව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

බන්ධනාගාරයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ සැකකරුවන් වන පිල්ලෙයාන්, මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන තිදෙනා මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.



එල්ල වී ඇති චෝදනා

  • 2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
  • කාත්තන්කුඩි හිදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
  • වවුනතිවු - කරෙයියන්කන්තිවු ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම.

යන ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ නඩුව පවරා තිබේ.



අත්අඩංගුවට ගැනීම්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන අය 2025 නොවැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem