පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය කුමන්ත්රණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවැත්වූ නඩුවේ තීන්දුව හෙට (22) ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම නඩුව, මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරිණි.
දීර්ඝ සාක්ෂි විමසීම
මෙම නඩුව සඳහා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර දිනපතා පැවැති සාක්ෂි විමසීම්වලින් අනතුරුව පැමිණිල්ල සහ විත්ති පාර්ශවයන් වෙනුවෙන් සාක්ෂි විමසීම පසුගිය අගෝස්තු මස 24 වැනිදා අවසන් කෙරිණි.
දීර්ඝ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුවට දින නියම කරමින් ප්රකාශ කළේ සැප්තැම්බර් 22 වන දින ඊට අදාළ තීන්දුව ප්රකාශයට පත් කරන බවය.
Comments
Moderated before publishing. Your email stays private.