පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තරග නිමාවට පත්වන විට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා මොරොක්කෝව, ප්රංශය, නෝර්වේ, එංගලන්තය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ආජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය සමත්ව සිටියි.
ඒ අවසන් 16 දෙනාගේ වටයේ තරගවලදි පිළිවෙලින් ගෝල 3-0 ක් ලෙස කැනඩාවත්, ගෝල 1-0 ක් ලෙස පැරගුවේ රාජ්යයත්, ගෝල 2-1 ක් ලෙස බ්රසීලයත්, ගෝල 3-2 ක් ලෙස මෙක්සිකෝවත්, ගෝල 1-0 ක් ලෙස පෘතුගාලයත්, ගෝල 4-1 ක් ලෙස ඇමරිකාවත්, ගෝල 3-2 ක් ලෙස ඊජිප්තුවත්, දඬුවම් පහර 4-3 ක් ලෙස කොලොම්බියාවත් පරාජය කරමිනි.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ශ්රී ලංකා වේලාවෙන් එළබෙන 10 වැනිදා ආරම්භ වන අතර 11 වැනිදා එක් තරගයක්ද, 12 වැනිදා තරග 2 ක්ද පැවැත්වෙනු ඇත.
අර්ධ අවසන් පූර්ව වටය
පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්රංශයට එරෙහිව මොරොක්කෝව තරග වැදීමට නියමිත අතර එම තරගය ශ්රී ලංකා වේලාවෙන් 10 වැනිදා අළුයම 1.30 සිට බොස්ටන්හිදී පැවැත්වේ.
දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ස්පාඤ්ඤය සහ බෙල්ජියම අතර ශ්රී ලංකා වේලාවෙන් 11 වැනිදා අළුයම 00.30 සිට ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වීමට නියමිතය.
තෙවැනි සහ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරග පිළිවෙලින් නෝර්වේ සහ එංගලන්තය අතර 12 වැනිදා අළුයම 2.30 ට මයාමිහිදීත්, ආජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අතර 12 වැනිදා අළුයම 6.30 ට කන්සාස්හිදීත් පැවැත්වෙනු ඇත.
ප්රභලයන්ගේ සමුගැනීම
මෙවර තරගාවලියේ 16 දෙනාගේ වටයේ තරගවලදී පරාජයට පත්වීම හේතුවෙන් ක්රොයේෂියාව, බ්රසීලය සහ පෘතුගාලය යන රටවලට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
එහිදී එම රටවල් නියෝජනය කරමින් තරග වැදුණු ක්රොයේෂියාවේ ලූකා මොඩ්රික්, බ්රසීලයේ නේමාර් ජූනියර් සහ පෘතුගාලයේ ක්රිස්ටියානෝ රොනාල්ඩෝ යන ක්රීඩකයන්ට පාපන්දු ලෝක කුසලානයක පහස නොවිඳම ලෝක කුසලාන තරග බිමට සමුදීමට සිදුවූහ.
ඔවුන් තිදෙනා අතරින් මොඩ්රික් සහ රොනාල්ඩෝ තවමත් ජාත්යත්නර තරග බිමෙන් සමුගැනීම ප්රකාශ කර නැතත් නෝර්වේ කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසුව තමා ජාත්යන්තර තරග බිමෙන්ද සමුගන්නා බව නේමාර් ප්රකාශ කළේය.
Comments
Moderated before publishing. Your email stays private.