මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
මේ අතර අදාළ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන්ම ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාද ඊයේ (10) පෙරවරුවේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.
එහිදී ඒ මහතා පැය පහකට අධික කාලයක් තිස්සේ ප්රකාශයක් ලබාදීමෙන් පසුව ඉන් පිටව ගිය බව වාර්තා වේ.
Comments
Moderated before publishing. Your email stays private.