උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම (උණුසුම් දර්ශකය) "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (10) පස්වරු 4.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (11) දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්
මෙම අධික උණුසුම් තත්ත්වය හමුවේ මිනිස් ශරීර සෞඛ්යයට විය හැකි බලපෑම අවම කර ගැනීම සඳහා පහත සඳහන් සෞඛ්ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
- ප්රමාණවත් ලෙස ජලය පානය කිරීම: විජලනය වැළැක්වීම සඳහා අඛණ්ඩව ජලය පානය කිරීම.
- විවේක ගැනීම: සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම.
- ඇඳුම් භාවිතය: සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම.
- කටයුතු සීමා කිරීම: අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම.
Comments
Moderated before publishing. Your email stays private.