Swipe left or right to navigate stories
පර්යේෂණ හා සංවර්ධන කටයුතු මෙහෙයවන්න ජාතික කොමිසමක්

පර්යේෂණ හා සංවර්ධන කටයුතු මෙහෙයවන්න ජාතික කොමිසමක්

විවිධ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන තුළ දැනට වෙන් වෙන්ව ක්‍රියාත්මක වන පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාදාමයන් එකම පොදු රාමුවක් තුළ බලගැන්වීම සඳහා "පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම" ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එම කොමිසම පිහිටුවීමට අදාළ නීතිමය විධිවිධාන හඳුන්වා දීම පිණිස මූලික කෙටුම්පතක් හෝ සංකල්ප පත්‍රිකාවක් සකස් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.



නව තීරණයට හේතුව

රටක දැනුම මත පදනම් වූ ආර්ථික වර්ධනය වේගවත් කිරීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය, තරගකාරිත්වය ඉහළ නැංවීම සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය සාධකයකි.

එමගින් අගය එකතු කළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම, ජාතික ගැටලුවලට නව්‍ය විසඳුම් හඳුන්වා දීම සහ සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීමට දායකත්වය ලැබෙනු ඇත.

කෙසේ වෙතත් මෙරට පර්යේෂණ හා සංවර්ධන කටයුතු දැනට සීමිත ක්ෂේත්‍ර කිහිපයකට පමණක් සීමා වී තිබීම, ආයතන අතර සම්බන්ධීකරණය දුර්වල වීම සහ ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය මෙන්ම මූල්‍යමය සහයෝගයක් නොලැබීම හේතුවෙන්, ඒ සඳහා දැනට යොදවා ඇති සම්පත්වලින් අපේක්ෂිත ප්‍රතිලාභ රටට අත් කර ගැනීමට නොහැකි වී ඇති බව රජය පෙන්වා දෙයි.



දියුණු යාන්ත්‍රණයක්

මෙම අඩුපාඩු මඟහරවා ගනිමින් පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ සමස්ත ක්‍රියාවලියම එකට සම්බන්ධ කළ හැකි කාර්යක්ෂම හා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම රජයේ අරමුණ වී තිබේ.

ඒ අනුව ලොව දියුණු රටවල් තුළ ස්ථාපිත කර ඇති ආකාරයේ ජාතික කොමිසමක් සහ එම කොමිසමේ කාර්යයන් වඩාත් ඵලදායීව ඉටු කරවා ගැනීම සඳහා ශක්‍යතාව සහිත විශේෂ කාර්යාලයක්ද මීට සමගාමීව ස්ථාපිත කිරීමට පියවර ගැනෙනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem