Swipe left or right to navigate stories
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය ගණන 95 දක්වා ඉහළට

නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය ගණන 95 දක්වා ඉහළට

අද (26) උදැසන නේපාලයේ හටගත් හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 93 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මේ වන විට පුද්ගලයින් 403 දෙනෙකු අතුරුදන්ව ඇති අතර එම පිරිස අතර කාන්තාවන් 200 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 203 දෙනෙකු සිටින බවද වාර්තා වේ.



හේතුව භූමිකම්පාවක්?

දේශසීමා ආසන්නයේ සිදුවූ භූමිකම්පා තත්ත්වයක් හේතුවෙන් හදිසියේ හිම දියවීම ආරම්භ වී ඇති බවට විශ්වාස කෙරේ.

නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවී, භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමෙන් මෙම විනාශකාරී තත්ත්වය හටගෙන ඇත.

පසුව එම අවහිරතාවය බිඳී යාමත් සමඟ විශාල ජල කඳක් එකවර පහළ ප්‍රදේශ වෙත මුදා හැරීමෙන් මෙම විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය නිර්මාණය වී තිබේ.



යටිතල පහසුකම් රැසකට හානි

මෙම ගංවතුරෙන් නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී ඇත.

භෝටේ කොෂි ගංගාව ආසන්නයේ පිහිටි ප්‍රධාන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගොස් තිබේ. චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ප්‍රදේශයේ මාර්ග, පාලම්, විදුලි බලාගාර ව්‍යාපාර ඇතුළු යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදු වී තිබේ.

මීට අමතරව ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන්ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳව වාර්තා වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem