ශ්රී ලංකාව තුළ බලපත්ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලැබූ වෙබ් අඩවි 24 ක් ශ්රී ලංකාව තුළ තහනම් කිරීමට ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්යාංශය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පෙරේදා (4) සිට බලපැවැත්වෙන පරිදි මෙම තහනම පනවා ඇත.
ශ්රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවන්හි නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සහ ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
පනතේ බලතල
මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන සූදු ක්රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්රීඩා නියාමන අධිකාරි පනතේ ප්රතිපාදන සහ බලතල ප්රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.
අදාළ පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්ර ලබාගැනීමකින් තොරව මෙලෙස අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්රකාරව දණ්ඩනීය වරදක් මෙන්ම නීතිවිරෝධී ක්රියාවකි.
ඒ අනුව මෙම නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්ය උපදෙස් ලබා දී ඇත.
තහනම් කළ වෙබ් අඩවි
වහාම ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාව තුළ තහනම් කරන ලද අන්තර්ජාල සූදු වෙබ් අඩවි ලැයිස්තුව පහත පරිදි වේ.
- 1xbet.com
- betway.com/en-lk
- 22bet.com
- melbet.com
- unibet.com
- betfair.com
- dafabet.com
- bet365.com
- 1win.com
- spinbetter.com
- 10cric.com
- bc.game
- megapari.com
- pin-up.bet
- stake.com
- mostbet.com
- parimatch.com
- betwinner.com
- linebet.com
- 4rabet.com
- rajabets.com
- dbbet.com
- coldbet.com
- WinWin
Comments
Moderated before publishing. Your email stays private.