Swipe left or right to navigate stories
නාමල් රාජපක්ෂ ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

නාමල් රාජපක්ෂ ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (23) නියෝග කළේය.

සැකකාර නාමල් රාජපක්ෂ මහතාව අද දින අධිකරණය හමුවට රැගෙන එනු ලැබූ අතර සිද්ධියට අදාළ ඇප නියෝගය අධිකරණයේදී කියවා දෙන ලදී.



ඇප ඉල්ලීම සහ අධිකරණය දුන් නියෝගය

ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා මීළඟ නඩු දිනයේදී පහත සඳහන් කරුණු තුන සම්බන්ධයෙන් අධිකරණයට ලිඛිතව දේශන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් විමර්ශන නිලධාරීන්ට නියෝග කරන ලදී.

  1. මෙම අධිකරණයේ අදාළ විමර්ශනය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනය ඒකාබද්ධ කර නඩු පැවරීමට හැකිද යන්න තීරණය කිරීම.
  2. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට මෙම නඩුව යොමු කළ හැකිද යන්න.
  3. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ හතරවන සැකකරු ලෙස මෙම සැකකරු අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතික කර තිබේද යන්න.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතාව සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem