Swipe left or right to navigate stories
ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

"නායකත්වයේ වගකීම ඊළඟ පරම්පරාවට පැවරිය යුතු බව මගේ සාධාරණ මතයයි" යනුවෙන් තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ධනංජය ද සිල්වා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තමා තවදුරටත් සූදානමින් සිටින බවද ඔහු තහවුරු කර ඇත.



ටෙස්ට් නායකත්වය

දිමුත් කරුණාරත්නගෙන් පසුව 2024 වසරේ ජනවාරි මස 4 වැනිදා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ ධනංජය, මේ දක්වා ටෙස්ට් තරග 18 කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා තිබේ.

ධනංජයගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තරග 8 ක් ජයගෙන ඇති අතර තරග 7 ක් පරාජයට පත්වෙමින් සෙසු තරග 3 ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ.

නායකත්වය දැරූ තරග 18 තුළ ඉනිම් 32 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 7 ක් සමග ලකුණු 1130 ක් රැස්කරගෙන ඇති ඔහු එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව කඩුලු 9 ක් දවාගෙන තිබේ.



ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය

"ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුභ පතන අතර අපගේ ටෙස්ට් කණ්ඩායමට ලබා දුන් නායකත්වය වෙනුවෙන් ඔහුට ස්තූතිවන්ත වෙනවා" යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ක්‍රීඩකයෙකු ලෙස ඔහු තවදුරටත් කණ්ඩායමට ලබා දෙන දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාදරයෙන් පිළිගන්නා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහුගේ ඉදිරි දායකත්වයද අපේක්ෂා කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem