Swipe left or right to navigate stories
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා

2022 මැයි 9 වනදා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ සාමකාමී අරගල භූමියට එල්ල වූ මැර ප්‍රහාරයේ සිද්ධියට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකරන ලදී.



පසුබිම

අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා යටතේ දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට පෙර ලිඛිත නියෝගයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙත දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය, නීතිපතිවරයාගේ එම ලිඛිත නියෝගය බලරහිත කරමින් තීන්දුවක් ලබා දුන්නේය.

ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සමකි.



මීළඟ නඩු වාරය

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයාට විරුද්ධව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන්නේ නම්, අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව පවත්වාගෙන යන මෙම ඇපෑල තවදුරටත් පවත්වාගෙන යාමෙන් කිසිදු ඵලක් නොවන බවය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සමෙහි ඉදිරි ප්‍රගතිය සලකා බැලීම සඳහා එය නැවතත් සැප්තැම්බර් මස 2 වැනිදා කැඳවීමට නියම කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem