දුම්රිය වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණද, සියලු කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වත්මන් දුම්රිය සාමාන්යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් ඊයේ (16) මධ්යම රාත්රී සිට ක්රියාත්මක වන පරිදි පැය 48ක මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.
දුම්රිය ධාවනය තත්ත්වය
කෙසේ වෙතත් පවතින වර්ජන තත්ත්වය හමුවේ වුවද එක් දුම්රියක් හැර අනෙක් සියලු දුම්රියන් සාමාන්ය පරිදි මේ වන විට ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව මාධ්ය ප්රකාශක දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව කාර්යාල සේවකයන්ට බාධාවකින් තොරව ගමන් පහසුකම් සලසා දීම සඳහා කාර්යාල දුම්රියන් සාමාන්ය පරිදි ධාවනය කිරීමට පියවර ගෙන ඇත.
Comments
Moderated before publishing. Your email stays private.