අනාගතයේදී දිවයින පුරා සිදුවිය හැකි හදිසි විදුලිය බිඳවැටීම් සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමේ අරමුණින්, ජාතික විදුලිබල පද්ධතිය යාවත්කාලීන කර නවීකරණය කිරීම සඳහා 2027 අයවැය මඟින් රුපියල් බිලියන 26.5ක මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
2027 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ අඛණ්ඩ සහ විශ්වාසදායක විදුලි සැපයුමක් තහවුරු කිරීම සඳහා පද්ධති ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවය.
පුනර්ජනනීය බලශක්තියෙන් 80% ක උපරිම සීමාවකට ළඟා වූ වාර්තාවක්
මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අත්කර ගෙන ඇති සුවිශේෂී ප්‍රගතිය පිළිබඳව කරුණු දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මුළු ස්ථාපිත විදුලි උත්පාදන ධාරිතාවෙන් 62%ක්ම මේ වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සමන්විත වන බවය.
එමෙන්ම නොවැම්බර් මාසය තුළ රටේ සාමාන්‍ය දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 71% ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාලීමට හැකි වූ බවත්, පසුගිය සැප්තැම්බර් මාසයේ එක් දිනකදී එම අගය 80%ක ඉහළම උපරිමයකට ළඟා වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
පුනර්ජනනීය බලශක්ති ආයෝජන තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව
පවතින ස්ථාපිත ධාරිතා ප්‍රතිශතය පවා අභිබවා යාමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මෙම දත්ත මඟින් මනාව තහවුරු වී ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව අඩු පිරිවැයකින් යුත් හරිත බලශක්ති උත්පාදනය ඉහළ නැංවීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙත තවදුරටත් ආයෝජන යොමු කිරීමේ හදිසි අවශ්‍යතාවද ඔහු මෙහිදී දැඩිව අවධාරණය කළේය.
Comments
Moderated before publishing. Your email stays private.