Swipe left or right to navigate stories
තරුණයෙකු මියයෑමේ සිද්ධියට හෝමාගම පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

තරුණයෙකු මියයෑමේ සිද්ධියට හෝමාගම පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

හෝමාගම පොලිස් භාරයේ පසුවෙද්දී 29 හැවිරිදි තරුණයෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මෙසේ සේවය අත්හිටුවා ඇත්තේ හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා (OIC), උප පොලිස් පරීක්ෂකවරයෙකු (SI) සහ පොලිස් සැරයන්වරයෙකුගේය.

පරීක්ෂණ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (27) දින සිදුකිරීමට නියමිතව තිබේ.

ඥාතීන්ගෙන් බරපතළ චෝදනා

පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද අමානුෂික පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුවූ බවට මියගිය තරුණයාගේ ඥාතීන් දිගින් දිගටම චෝදනා කරයි.

ඊයේ (25) පෙරවරුවේ සැකකරුගේ සුවදුක් බැලීමට ඥාතීන් පොලිසියට ගිය අවස්ථාවේදී ඔහුට දැඩි ලෙස පහරදී ඇති බව දැකගත හැකි වී තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem