Swipe left or right to navigate stories
තරග පාවාදීමේ චෝදනා මත ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට

තරග පාවාදීමේ චෝදනා මත ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන 'ජැෆ්නා කින්ග්ස්' කණ්ඩායමේ හිමිකරු, තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම සිදුවීමට අදාළව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරනු ලබන ඕනෑම පරීක්ෂණයකට තරගාවලි සංවිධායකයින් සමඟ එක්ව උපරිම සහයෝගය ලබා දීමට සූදානම් බවය.

මෙම සිදුවීමත් සමග තරගාවලියට බාධාවක් වේදැයි ප්‍රේක්ෂකයින් තුළ පැවති කුතුහලයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ, අද රාත්‍රියේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත එල්.පී.එල්. තරගාවලිය කිසිදු බාධාවකින් තොරව සැලසුම් කළ පරිදිම ඉදිරියට පැවැත්වෙන බවය.



දූෂණයට එරෙහිව දැඩි ස්ථාවරයක්

තරගාවලියේ විනිවිදභාවය සහ අභිමානය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු කැපවීම නැවත වරක් සිහිපත් කරන අතර තරගාවලියට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකින් සිදුවන දූෂණ, අක්‍රමිකතා හෝ විනය විරෝධී ක්‍රියාවලට කිසිසේත්ම ඉඩ නොතබන බව එම නිවේදනයේ දැක්වේ.

මෙවර තරගාවලිය ඉහළම සදාචාරාත්මක මට්ටමකින් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකය, රජයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සමග සමීපව කටයුතු කර තිබේ.

මීට අමතරව තරගාවලිය පුරා ක්‍රීඩකයින් දැනුවත් කිරීම සහ දූෂණයෙන් තොර සාධාරණ පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ස්වාධීන ක්‍රීඩා අඛණ්ඩතා සංවිධානයක් වන 'Integrity Mentors' ආයතනයේ සහයද ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem