Swipe left or right to navigate stories
ඩෙංගු රෝගීන් ලක්ෂය ඉක්මවයි : මරණ 79 ක් – අධි අවදානම් කලාප 28ක්

ඩෙංගු රෝගීන් ලක්ෂය ඉක්මවයි : මරණ 79 ක් – අධි අවදානම් කලාප 28ක්

දිවයින පුරා ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 28ක් තවදුරටත් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 105,097ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගය වැළඳීම හේතුවෙන් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම ඒකකයේ දත්ත පෙන්වා දෙයි.



වැඩිම බලපෑම බස්නාහිරට

සමස්ත රෝගීන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක්, එනම් 52.02%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම පළාතෙන් පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 54,673කි.

දිස්ත්‍රික් මට්ටමින් ගත් කල වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර වැඩිම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්කවල සංඛ්‍යා ලේඛන මෙසේය.

  • ගම්පහ දිස්ත්‍රික්කය: රෝගීන් 22,053
  • කොළඹ දිස්ත්‍රික්කය: රෝගීන් 20,384
  • මහනුවර දිස්ත්‍රික්කය: රෝගීන් 8,378
  • කළුතර දිස්ත්‍රික්කය: රෝගීන් 6,592



ගතවූ දින 25ට රෝගීන් 4,300 ඉක්මවයි

ඔක්තෝබර් මාසයේ ගතවූ දින 25 තුළදී පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 4,377 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පවතින වැසි සහිත කාලගුණික වාතාවරණය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවීම වේගවත් විය හැකි බැවින්, නිවෙස් හා අවට පරිශ්‍ර පිරිසිදුව තබාගනිමින් මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem