පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්රී ලංකා සංචිතයට තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති ක්රීඩකයන් දෙදෙනකු වන අංජල බණ්ඩාර සහ ඒෂාන් මාලිංග කැඳවා සිටිති.
ක්රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර ඔහු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ පළමු අවස්ථාවද මෙය වනු ඇත.
මෙම තරගාවලිය සඳහා පැතුම් නිස්සංකගේ සහභාගීත්වය ඔහුගේ ශාරීරික යෝග්යතාව මත රඳාපවතින අතර ළහිරු උදාර, නිෂාන් මධුෂ්ක, විෂ්ව ප්රනාන්දු, රමේෂ් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්රීඩකයන්ට මෙවර සංචිතයේ ස්ථාන අහිමිව තිබේ.
මෙම ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 9 වැනිදා සිට 21 වැනිදා දක්වා රාවල්පිණ්ඩි සහ ලාහෝර් ක්රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිස්සංක, පසිඳු සූරියබණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සොනාල් දිනූෂ, ධනංජය ද සිල්වා, අංජල බණ්ඩාර, කේෂර නුවන්ත, ප්රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්රනාන්දු, දිල්ෂාන් මධුශංක සහ එෂාන් මාලිංග
Comments
Moderated before publishing. Your email stays private.