Swipe left or right to navigate stories
ජනාධිපති මන්දිර කිහිපයක් බදු පදනම මත ආයෝජකයන්ට

ජනාධිපති මන්දිර කිහිපයක් බදු පදනම මත ආයෝජකයන්ට

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.



රාජ්‍ය වියදම් පාලනය

ජනාධිපතිවරයාගේ නිල කටයුතු සහ පෞද්ගලික විවේක අවස්ථාවන් සඳහා පවත්වාගෙන ගිය මෙම ජනාධිපති මන්දිර වර්තමානයේ එම කටයුතු සඳහා භාවිතා නොවේ.

එහෙත් ඒවා නඩත්තු කිරීම, ආරක්ෂාව සපයාදීම සහ අනෙකුත් පරිපාලන වියදම් සඳහා සැලකිය යුතු රාජ්‍ය මුදලක් වැයවේ.

එම නිසා රජය සතු බංගලා, නිවාස සහ ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායී ලෙස උපයෝජනය කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණයට එළඹ තිබේ.



ඉහළ වටිනාකම

ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකමකින් යුත් මෙම මන්දිර අංගසම්පූර්ණ පහසුකම්වලින් සහ ආකර්ෂණීය භූමි සැකසුම්වලින් සමන්විත වේ.

ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී යෝජනා කැඳවීමට නියමිත අතර සුදුසු ආයෝජකයන් තෝරාගෙන මෙම මන්දිර දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට රජය කටයුතු කරනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem