මෙරටට ආනයනය කරනු ලබන ජංගම දුරකතන ඇතුළු විදුලි සංදේශ උපකරණ සඳහා රේගු නිෂ්කාශන ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම, පහසු හා විධිමත් කිරීමේ අරමුණින් ස්වයංක්රීය මාර්ගගත වේදිකාවක් ඔස්සේ ක්රියාත්මක වන උපකරණ නිෂ්කාශන පද්ධතියක් හඳුන්වා දුන් බව ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
අද (10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ මුදිත ගුණසිංහ මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.
ප්රධාන සේවාවන් 3 ක් සහ ක්රියාකාරීත්වය
පර්යන්ත විදුලි සංදේශ උපකරණ සඳහා වන ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ස්ථාපිත කළ මෙම පද්ධතිය ඔස්සේ ආනයනකරුවන්ට මාර්ගගත ආකාරයට තමන්ගේම පැතිකඩක් (Profile) සකස් කරගෙන පහත සඳහන් ප්රධාන සේවාවන් ලබාගත හැක.
- ආදර්ශ අනුමැතිය : උපකරණ ශ්රී ලංකාව තුළ භාවිතයට සුදුසුදැයි පරීක්ෂා කර අනුමැතිය ලබාදීම.
- IMEI අංක සහිත උපකරණ නිෂ්කාශනය: IMEI සහිත උපකරණ සඳහා නිෂ්කාශනය ලබාදීම.
- IMEI නොමැති උපකරණ නිෂ්කාශනය: අන්තර්ජාලය භාවිත කරමින් දත්ත ලබාගන්නා, IMEI අංකයක් නොමැති උපකරණ සඳහා නිෂ්කාශනය ලබාදීම.
ඊට අමතරව කෙටි කාලයකට මෙරටට ගෙන එන උපකරණ නැවත ප්රතිඅපනයනය කිරීමේදී අවශ්ය පහසුකම්ද මෙම පද්ධතිය හරහා සැලසෙන බව අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Moderated before publishing. Your email stays private.