Swipe left or right to navigate stories
ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ තීන්දුව 25 වැනිදාට

ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ තීන්දුව 25 වැනිදාට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට අදාළ අධිකරණ නියෝගය ලබන 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (04) නියෝග කළේය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණය හමුවේ දැඩි විරෝධතාවක් පළ කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙරටින් පිටව ගියහොත් පාස්කු ප්‍රහාරයේ ඉදිරි විමර්ශන කටයුතුවලට දැඩි අගතියක් සිදුවිය හැකි බව පෙන්වා දුන් CID නිලධාරීන්, පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටියේය.



"සැකකරුවෙකු නොවන නිසා ඇප තැබීමට අධිකරණයට බලයක් නැහැ" – මහේස්ත්‍රාත්

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ, මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයාව මෙතෙක් විධිමත් ලෙස සැකකරුවෙකු වශයෙන් නම් කර නොමැති බවය.

යම් පුද්ගලයෙකු සැකකරුවෙකු ලෙස නම් කර නොමැති පසුබිමක, ඔහුව ඇප මත හෝ බැඳුම්කරයක් මත මුදා හැරීමට අධිකරණයට නීතිමය බලයක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විදෙස් ගමන් තහනම ඉවත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීම ලබන නොවැම්බර් 25 වැනිදා දක්වා කල් තැබිණි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem