ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත ප්රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (24) අලුයම 2.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (25) අලුයම 2.30 දක්වා වූ පැය 24ක කාලය සඳහා බලපැවැත්වේ.
ගිං ගඟ ද්රෝණියේ තත්ත්වය
මේ වන විට ගිං ගඟ ද්රෝණියේ ධාරා ප්රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතී.
එම වර්ෂා තත්ත්වය සහ ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 තුළ පහත ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි.
- තවලම
- නාගොඩ
- බද්දේගම
- වැලිවිටිය-දිවිතුර
නිල්වලා ගඟ ද්රෝණියේ තත්ත්වය
එමෙන්ම නිල්වලා ගංඟ ද්රෝණියේ පවතින ජල මට්ටම් විශ්ලේෂණයට අනුව ඉදිරි පැය 24 තුළ පහත ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්රදේශවලටද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.
- පස්ගොඩ්
- කොටපොල
- පිටබැද්දර
- අකුරැස්ස
- අතුරලිය
- මාලිම්බඩ
- කඹුරුපිටිය
- තිහගොඩ
පවතින මෙම සුළු ගංවතුර අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස අදාළ ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.