Swipe left or right to navigate stories
ගෑස් මිල පහත වැටීමත් සමඟ කිරි තේ සහ ප්ලේන් ටී මිල රුපියල් 5 කින් අඩු වෙයි

ගෑස් මිල පහත වැටීමත් සමඟ කිරි තේ සහ ප්ලේන් ටී මිල රුපියල් 5 කින් අඩු වෙයි

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව අද (5) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කළේය.

කෙසේ වෙතත් කෙටි ආහාරවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.



ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත වැටුණු ආකාරය

ඊයේ (4) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත දමා ඇත. ඒ අනුව සිදුවූ මිල සංශෝධනයන් පහත පරිදි වේ.

  • කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 100 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 4,365 කි.
  • කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 42 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,750 කි.
  • කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය රුපියල් 20 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 815 කි.
Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem