බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, හෙට (14) පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13 යි විනාඩි 30 ක කාලයක් ගම්පහ සහ කැලණිය ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්ත හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව සිය කනගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජල කප්පාදුව ආරම්භ වීමට පෙර අවශ්‍ය තරම් ජලය කල්තියා රැස්කර තබාගෙන ඉතා අරපිරිමැස්මෙන් යුතුව පරිභෝජනය කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ
හෙට දිනයේදී සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ජල සැපයුම අත්හිටුවන බල ප්‍රදේශ මෙසේය.
- නගර සභා බල ප්‍රදේශ: පෑලියගොඩ, වත්තල - මාබෝල, ජා-ඇල සහ කටුනායක - සීදූව.
- ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ (සම්පූර්ණ): කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජා-ඇල.
- ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ (කොටසකට): කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ.
Comments
Moderated before publishing. Your email stays private.