රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ වරුෂ හැන්නදිගේ අරුණ ශ්රී චතුරංග යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
තදබල ඇප කොන්දේසි
අද පෙරවරුවේ සැකකරුවන් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහෙස්ත්රාත්වරයා විසින් එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරන ලදී.
ඊට අමතරව නඩුවේ විමර්ශන කටයුතු සැලකිල්ලට ගනිමින් සැකකරුවන් තිදෙනාටම බලපැවැත්වෙන පරිදි විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය පියවර ගත්තේය.
අල්ලස් චෝදනාවේ පසුබිම
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම, ඔහුගේ රැඳවුම් නියෝග අවලංගු කිරීම සහ බූස්ස හැර වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබාගැනීම මොවුන්ට එල්ල වී ඇති ප්රධාන චෝදනාව විය.
මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පසුගිය ජූනි මස 25 වැනිදා මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබූහ.
Comments
Moderated before publishing. Your email stays private.