Swipe left or right to navigate stories
කොළඹ වරාය නගරයේ ව්‍යාපාර 68 ක් ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කෙරේ

කොළඹ වරාය නගරයේ ව්‍යාපාර 68 ක් ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කෙරේ

කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක ව්‍යාපාර ආයතන 68 ක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරමින් නිකුත් කළ නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ මෙම නියමයන් නිකුත් කර ඇත.

එම නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.



අදාළ ක්ෂේත්‍ර සහ ගැසට් නිවේදනය

තොරතුරු තාක්ෂණ, උපදේශන සේවා, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීම, සැපයුම් සේවා, යටිතල පහසුකම්, දෙමුහුන් හා සංයුක්ත ව්‍යාපාර ආකෘති සහ පොදු ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර රැසකට අයත් ව්‍යාපාර 68 ක් මෙලෙස නම් කර ඇති බව සඳහන් වේ.

ඒ සඳහා 2026 මාර්තු 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති අතර ඒ අනුව 2026 අප්‍රේල් 10 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදන මගින් අදාළ නියමයන් ප්‍රකාශයට පත් කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem