Swipe left or right to navigate stories
කොළඹ වරායේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800ක්

කොළඹ වරායේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800ක්

කොළඹ වරායේ තිබූ සැකසහිත බහාලුම් දෙකක් පරීක්ෂා කිරීමේදී සොයාගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 800කට (බිලියන 8කට) අධික වන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන පොලීසිය මගින් ආරම්භ කර තිබේ.



මත්ද්‍රව්‍ය තොගය

ලද තොරතුරක් මත අධිකරණ නියෝගයක් ලබාගනිමින් ශ්‍රී ලංකා රේගුවේ සහාය ඇතිව මෙම බහාලුම් දෙක විවෘත කර පරීක්ෂා කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ පාකිස්තානයේ සිට මෙරටට ආනයනය කරන ලද තුවා තොගයක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇති බවය.

අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව මෙම ඒකාබද්ධ වැටලීම සිදුකර තිබේ.



බර සහ විමර්ශන

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 420 සිට 463 දක්වා ප්‍රමාණයක් වන බව නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කළේය.

අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමට සම්බන්ධ ප්‍රධාන මහමොළකරුවන් සහ ඊට සම්බන්ධ අනෙකුත් ජාලය සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem