Swipe left or right to navigate stories
කොළඹ ඒකාබද්ධ මෙහෙයුමකින් චීන - ඉන්දීය ඇතුළු විදේශිකයන් 21ක් අත්අඩංගුවට

කොළඹ ඒකාබද්ධ මෙහෙයුමකින් චීන - ඉන්දීය ඇතුළු විදේශිකයන් 21ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචා සහ නීතිවිරෝධී ජාවාරම් මෙහෙයවූ විදේශීය ජාතිකයින් 21 දෙනෙකුගෙන් යුත් කල්ලියක් කොළඹ මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ වැටලීමකදී මෙම පිරිස කොටු කරගෙන ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු උපදෙස් මත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු විශේෂ විමර්ශන කණ්ඩායමක් මෙම ජාවාරමේ ඉදිරි විමර්ශන කටයුතු භාරව කටයුතු කරති.



ටෙක්නිකල් හන්දියේ තෙමහල් නිවහනක ජාවාරම

මරදාන ටෙක්නිකල් හන්දිය ආසන්නයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම කුලියට ගෙන ඉතා සූක්ෂ්ම අයුරින් මෙම සයිබර් මූල්‍ය වංචා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එහිදී අත්අඩංගුවට පත් විදේශිකයන් 21 දෙනා අතර චීන ජාතිකයන් 12ක්, බංග්ලාදේශ ජාතිකයන් 06ක් සහ ඉන්දීය ජාතිකයන් 03ක් සිටිති.

මෙම පිරිස විසින් මෙහෙයවන ලද මාර්ගගත මූල්‍ය ජාවාරම්වල ස්වභාවය, ඒවායේ වින්දිතයන් බවට පත්වූවන් සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව මේ වන විට පුළුල් හා ගැඹුරු පරීක්ෂණ ආරම්භ කර ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem