කොලොම්බියාවේ බටහිර ප්රදේශයට බලපෑ ප්රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්යාව 111 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
කොලොම්බියානු භූ විද්යා සේවයට අනුව මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 7.4 ක ප්රබලත්වයකින් සටහන් වී ඇත. භූකම්පනයේ කේන්ද්රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ අතර එය කිලෝමීටර් 96ක පමණ ගැඹුරකින් සිදුවී ඇති බව වාර්තා වේ.
භූකම්පනය හේතුවෙන් ක්විබ්ඩෝ ඇතුළු ප්රදේශ රැසක ගොඩනැගිලිවලට දැඩි හානි සිදුවී ඇති අතර තුවාල ලැබූ පිරිසක්ද වාර්තා වී ඇත. වාර්තා වන පරිදි වැඩිම මරණ සංඛ්යාවක් රිසරාල්ඩා පළාතෙන් වාර්තා වේ.
ආපදා සහ අලාභ හානි
කාලි නගරයේ ගොඩනැගිලි අවම වශයෙන් 20 ක් කඩා වැටී ඇති අතර පේරෙයිරා නගරයේ කඩා වැටුණු ගොඩනැගිලි තුළ පිරිසක් සිරවී සිටින බව එරට බලධාරීහු පවසති. පේරෙයිරා නගරයේ 18 දෙනෙකු සහ මැනිසාලෙස් නගරයේ දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.
කඩා වැටුණු ගොඩනැගිලි තුළ තවත් පිරිසක් සිරවී සිටින බැවින්, මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බොගෝටා සහ මෙඩෙලින් නගරවලින් ආපදා සහන කණ්ඩායම් කැඳවා තිබේ. පසුකම්පන ඇතිවිය හැකි බැවින් ජනතාවට අවධානයෙන් සිටින ලෙස බලධාරීන් දැනුම්දී ඇත.
ගුවන් ගමන්
භූකම්පනය හේතුවෙන් පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි. ගුවන් තොටුපළවල ව්යුහාත්මක ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
අසල්වැසි රටවල්
කොලොම්බියාවේ ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කරන පරිදි භූකම්පනය කොලොම්බියාවේ පළාත් නවයකට සහ පළාත් අගනගර 32 කට දැනී ඇත.
එමෙන්ම අසල්වැසි වෙනිසියුලාවේ ටචිරා ප්රාන්තය සහ බැරිනාස් හා බාර්කිසිමෙටෝ ඇතුළු ප්රදේශවලටද මෙම භූකම්පනය දැනී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය සඳහන් කරන පරිදි, මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැත.
Comments
Moderated before publishing. Your email stays private.