Swipe left or right to navigate stories
කොකේන් ජාවාරම් චෝදනා ලැබූ ශිරාන් බාසික්ගේ නඩුව නොවැම්බර් 11 වැනිදාට කල් යයි

කොකේන් ජාවාරම් චෝදනා ලැබූ ශිරාන් බාසික්ගේ නඩුව නොවැම්බර් 11 වැනිදාට කල් යයි

කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ මෙම නඩුකරය අද (2) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.



දැඩි ආරක්ෂාව මැද අධිකරණයට

මේ වන විට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික්, පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

නඩුකරය කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය විසින් විත්තිකරුවන්ට භාරදිය යුතු ලේඛන අඩංගු ගොනු විත්තියේ නීතිඥවරුන්ට ලබා දීමට කටයුතු කළාය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක, චමින්ද අතුකෝරල සහ වසන්ත පිටිගල යන නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ එම ලේඛන අධ්‍යයනය කර යම් අඩුපාඩුවක් තිබේ නම් ඊළඟ දින අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බවය.



නඩු භාණ්ඩ කාමරය කඩා වැටීම සහ මත්ද්‍රව්‍ය තොගය

මෙම නඩුකරයට අදාළ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබෙන මත්ද්‍රව්‍ය තොගය මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින බව රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

එම අවස්ථාවේදී විනිසුරුවරිය සඳහන් කළේ අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවත්, මේ වන විට මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරය කඩා වැටී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බවය.

ඉන් අනතුරුව ඉදිරි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් මස 11 වැනිදා පැවැත්වීමට අධිකරණය දින නියම කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem