ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
හිටපු නායක ධනංජය ද සිල්වාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව අද (08) ශ්රී ලංකා ක්රිකට් මූලස්ථානයේදී පැවැති රැස්වීමකදී තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත පාකිස්ථාන ටෙස්ට් තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් කටයුතු කරනු ඇත.
මේ දක්වා ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 75 කට ක්රීඩා කර ඇති කුසල්, ශතක 10 ක් සහ අර්ධ ශතක 23 ක් සමග 36.36 ක සාමාන්යයක් රඳවාගනිමින් ලකුණු 4836 ක් රැස්කිරීමට සමත්ව සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.