Swipe left or right to navigate stories
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිස්ත්‍රික්ක 11 කට රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිස්ත්‍රික්ක 11 කට රතු නිවේදනයක්

දිවයිනේ පළාත් 5 කට අයත් දිස්ත්‍රික්ක 11 ක් සඳහා අදාළ වන පරිදි තද වැසි පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) පෙරවරුවේ පියවර ගෙන තිබේ.

එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මුළුමුණින්මද, මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත්, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් හෙට (15) පෙරවරු 8.30 දක්වා අවදානම් තත්වය වලංගු වනු ඇත.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පණිවිඩය

පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් ගිගුරුම් සහිත තද වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වුවත් මිලිමීටර් 300 ක, 400 ක පමණ දිනපතා ලැබෙන වර්ෂාවක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර නැතැයිද, සමාජ මාධ්‍යයේ පළ වන එවැනි ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන්නැයිද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු කියා සිටියි.



ඉහළම වර්ෂාපතනය

ගෙවී ගිය දිනයේදී (13 වැනිදා පෙ.ව. 8.30 සිට 14 වැනිදා පෙ.ව. 8.30 දක්වා) වාර්තා වූ ඉහළම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එය මිලිමීටර් 256.2 ක අගයක් ගෙන තිබිණ. ඒ් අනුව පුත්තලම දිස්ත්‍රික්කය ගංවතුර අවදානමකටද ලක්ව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව ගෙවී ගිය පැය 24 ක කාලය තුළ කොළඹට මිලිමීටර් 31.5 ක වර්ෂාපතනයක්ද, රත්මලානට මිලිමීටර් 35.8 ක වර්ෂාපතනයක්ද වාර්තා වී තිබිණ.

සෙසු නගර අතරින් මිලිමීටර් 10 කට වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ අනුරාධපුර (මි.මී. 10.1), මහ ඉලුප්පල්ලම (මි.මී. 12.5) සහ රත්මලාන (මි.මී. 13.1) යන නරගවල පමණි.



සුළ‌ඟේ වේගය

දිවයිනට නිරත දෙසින් සුළං හමා එන අතර එම සුළගේ වේගය පැයට කිලෝ මීටර් 25-35 ක් පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කන්නසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළ‌ඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 ක් දක්වා ඉහළ යා හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ් අනුව එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර එම මුහුදු ප්‍රදේශ හැරුණු කොට දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශද මඳ වශයෙන් හෝ රළු විය හැකි බවද, රළුවන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 - 2.5 පමණ ඉහළ යෑමේ හැකියාවක් ඇති බවද නිවේදනයට අන්තර්ඝත වේ.



අනතුරු සහ අවතැන්වීම්

පව­තින අය­හ­පත් කාල­ගුණ තත්වය හේතු­වෙන් ඊයේ (13) දිනයේදී මඩ­ක­ල­පු­ව දිස්ත්‍රික්කයෙන් එක් මර­ණ­යක් වාර්තා වී තිබේ.

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පවුල් 62 ක පුද්ග­ල­යන් 203 දෙනෙක් ඊයේ වන විට බල­පෑ­මට ලක්ව තිබිණ. වර්ෂාවෙන් නිවාස 39 කට අර්ධ හානි සිදුව ඇති බවත්, පුද්ගලයන් 17 දෙ‍ෙනක් සුර­ක්ෂිත මධ්‍ය­ස්ථා­න­වල රඳවා තැබුණු බවත් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සඳ­හන් කළේය.

ඕනෑම ආපදා තත්ත්වයක් පිළි­බ­ඳව දැනුම් දීම සඳහා 117 දුර­ක­තන අංකය ජන­තාව ‍වෙනුවෙන් පැය 24 පුරාම විවෘ­තව පව­තින බවද ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය අවධාරණය කර සිටි‍යේය.



අනතුරු ඇඟවීම

බදුල්ල, ගාල්ල, කළු­තර, මහ­නු­වර, කෑගල්ල, කුරු­ණෑ­ගල, මාතලේ, මාතර, මොණරා­ගල, නුව­ර­එ­ළිය සහ රත්න­පුර යන දිස්ත්‍රි­ක්ක­වල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස ගණ­නා­වක් සඳහා ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය නාය­යාම් පිළි­බ­ඳව අන­තුරු ඇඟ­වීමේ පළමු සහ දෙවැනි අදි­යරේ නිවේ­දන නිකුත් කර තිබේ.

එහිදී ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 17 ක් සඳහා නාය­යාම් පිළි­බ­ඳව අව­ධා­නය යොමු කිරීමේ දෙවන අදි­යරේ අන­තුරු ඇඟ­වීමේ නිවේ­ද­නය නිකුත් කර තිබෙන අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 38 ක් සඳහා නාය­යාම් පිළි­බ­ඳව අන­තුරු ඇඟ­වීමේ පළමු අදි­යරේ අන­තුරු ඇඟ­වීම නිකුත් කර තිබේ.

පව­තින වර්ෂා තත්වය හේතු­වෙන් ප්‍රධාන ජලාශ 18 ක් සහ මධ්‍ය පරි­මාණ ජලාශ 18 ක් ඊයේ පස්ව­රුව වන විට වාන් දම­මින් පැවති බව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem