Swipe left or right to navigate stories
කතරගම-බුත්තල පාරේ වන අලි පහරදීමකින් වන්දනාකරුවන් ගිය බසයක් පෙරළෙයි

කතරගම-බුත්තල පාරේ වන අලි පහරදීමකින් වන්දනාකරුවන් ගිය බසයක් පෙරළෙයි

කතරගම පොලිස් වසමේ, කතරගම-බුත්තල මාර්ගයේ විදුලි වැට මුරපොල ආසන්නයේදී අද (3) දහවල් 11:00 ට පමණ වන අලියෙකු පහරදීමෙන් පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදු වී තිබේ.

හලාවත ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණ ආපසු බුත්තල දෙසට ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකට මෙලෙස වන අලියා විසින් පහරදී ඇති බව වාර්තා වේ.



අනතුර සහ තුවාලකරුවන්

වන අලියාගේ පහරදීමත් සමඟ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් 10 දෙනෙකු පමණ වහාම ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem