Swipe left or right to navigate stories
ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 20 කින් ඉහළට : නව මිල රුපියල් 495 යි

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 20 කින් ඉහළට : නව මිල රුපියල් 495 යි

පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් කිහිපයක් විසින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ලංකා IOC සමාගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකළ මිල සංශෝධනයට සමගාමීව ඔවුන් මෙම මිල සංශෝධනය සිදුකර තිබේ.

එලෙස මිල ඉහළ දමා ඇති පෞද්ගලික ඉන්දන බෙදාහැරීමේ සාමාගම් වන්නේ සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක්ස් යන සමාගම්ය.



නව මිල ගණන් සහ අනෙකුත් ඉන්ධන වර්ග

මිල සංශෝධනයට පෙර රුපියල් 475 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල මෙම ඉහළ දැමීමත් සමඟ රුපියල් 495 ක් දක්වා ඉහළ යනු ඇත.

කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව බහුලව භාවිත කරන ඔක්ටේන් 92 පෙට්‍රල්, සුදු ඩීසල්, සුපර් ඩීසල් මෙන්ම භූමිතෙල් මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති අතර එම ඉන්ධන වර්ග පෙර පැවති මිල ගණන් යටතේම අලෙවි කෙරෙනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem