Swipe left or right to navigate stories
ඒකක 180 ට වැඩි  පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු 18% කින් ඉහළට

ඒකක 180 ට වැඩි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු 18% කින් ඉහළට

මෙම වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තුවලට අදාලව ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව 18% කින් ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සෙනසුරාදා (9) තීරණය කර තිබේ.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180 ට වැඩි විදුලි පාරිභෝගිකයන් සඳහා පමණක් අදාල වන ලෙස සිදුකර ඇති මෙම ගාස්තු වැඩි කිරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ (10) සිට බලපැවැත්වෙනු ඇත.

විදුලි පිරිවැය ඉහළයෑම හේතුවෙන් රුපියල් බිලියන 38 ක පමණ හිඟයක් මෙම කාර්තුව සහ ඉදිරි කාර්තුවට බලපෑම ඇතුළු ප්‍රධාන කාරණා 3 ක් මුල්කර ගනිමින් මෙම ගාස්තු ඉහළ දැමීම සිදුකර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා කියා සිටියේය.



රජයේ සහනය
කෙසේ වුවත් රු. බිලියන 15 ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමග 5% කට පමණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට පමණක් මෙම වැඩිවෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බව කොමිෂන් සභාව ස‍ඳහන් කළේය.

එබැවින් පාරිභෝගිකයන්ගෙන් 95% කටම මෙම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවන බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඒ් අනුව ඒ්කක 0 - 180 ත් අතර විදුලිය පරිභෝජනය කරන ගෘහස්ථ පාරිබෝගිකයන් සඳහා, පොදු කාර්යය ජී.පී. 1 කාණ්ඩය සඳහා, හෝටල් ක්ෂේයේ එච්1 සහ එච්2 කාණ්ඩය සඳහා, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහ ජූජනීය ස්ථාන සඳහා මෙම ගාස්තු ඉහළ දැමීම අදාල නොවනු ඇත.



විදුලි ගාස්තු ඉහළ යෑම

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි

  • ඒකක 180 - 210 අතර රුපියල් 1,760.00 ක්ද,
  • ඒකක 210 - 240 අතර රුපියල් 2,210.00 ක්ද,
  • ඒකක 240 - 270 අතර රුපියල් 2,660.00 ක්ද,
  • ඒකක 300 ට වැඩි නම් රුපියල් 3,110.00 ක්ද

ලෙස විදුලි ගාස්තු ඉහළ යනු ඇත.



විපක්ෂ නායකයාගේ චෝදනාව

මෙම විදුලි ගාස්තු වැඩි කිරීම සිදු වන්නේ ඒකක 180 ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන් වන ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සඳහා බවද, එය රජය ඔවුන්‌ගෙන් ලබාගත් කප්පමක් ලෙස හැඳින්විය හැකි බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව එලෙස විදුලි ගාස්තු ඉහළ දමමින් පාරිභෝගිකයන්ගෙන් කප්පම් අයකර ගැනීමට කටයුුතු කරන්නේ බාල ගල් අ‍ඟුරු ව්‍යාපෘතියේ අලාභය මඟහරවා ගැනීම සඳහා යැයිද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේය.
‍
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම පොදුජනතාවගේ අදහස් විමසන විට සමගි ජන බලවේගයද ඉදිරිපත් වී බාල ගල් අගුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයන් කරපිට පටවන්න එපා යැයි යෝජනා ඉදිරිපත් කළත් එම විරෝධතා නොසලකා හැරුණු බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem