එල්නිනෝ තත්ත්වය හේතුවෙන් යාල සහ කුමන වනෝද්යාන මාසයක කාලයක් සඳහා වසා තැබීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්යවරයා මාධ්ය වෙත අදහස් දක්වමින් පවසා සිටියි.
මේ දිනවල වර්ෂාව පැවතියද, එල්නිනෝ තත්ත්වයේ බලපෑම ලබන අප්රේල් මාසය දක්වාම පවතින බව අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය තුළින් වැසි ජලය රැස් කරගැනීමටත්, වනසතුන්ගේ ජල පරිභෝජන අවශ්යතා සපයාදීමටත් වෙනුවෙන් වැව් ප්රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව අමාත්යවරයා සඳහන් කළේය.
වෙරළාසන්න අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම
සංචාරක කර්මාන්තයේ යහපත උදෙසා නීතිමය ප්රතිපාදනවලට අනුකූලව වෙරළාසන්නව ඇති අනවසර ඉදිකිරීම් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගන්නා බවද අමාත්යවරයා පැවසීය.
මෙම ඉදිකිරීම් ඉවත් කිරීමට එරෙහිව යම් අයෙකුට නීතිමය පියවර ගැනීමට අවශ්ය නම් ඒ සඳහා ඉඩකඩ පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර මහ කන්නය පිළිබඳ කමිටු රැස්වීම් ඉදිරි 18 වනදා මහනුවරදී පැවැත්වීමට නියමිත බවද අමාත්යවරයා මෙහිදී අනාවරණය කළේය.
Comments
Moderated before publishing. Your email stays private.