Swipe left or right to navigate stories
උමාඔය පහළ නිම්න ව්‍යාපෘතියේ කුඩාඔය ජලාශය ජනතා අයිතියට

උමාඔය පහළ නිම්න ව්‍යාපෘතියේ කුඩාඔය ජලාශය ජනතා අයිතියට

උමාඔය පහළ නිම්න ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩාඔය ජලාශය අද (01) දින ජනතා අයිතියට පත් කර තිබේ.

මෙම ජලාශය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම, ඉඩම් හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.



කෘෂිකර්මාන්තයට ලැබෙන උත්තේජනය

මෙම ජලාශය විවෘත වීමත් සමඟ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල පිහිටි ඉඩම් අක්කර දහස් ගණනක් වගා කිරීමට හැකියාව ලැබෙන අතර අලුතින් කුඹුරු ඉඩම් අක්කර සිය ගණනක් අස්වැද්දීමටද පහසුකම් සැලසේ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි යන මහත්ම මහත්මීන් ඇතුළු වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරීන් සහ ගොවීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem