Swipe left or right to navigate stories
උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරේ

උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරේ

"දිට්වා" සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසු කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ කොටුව - පේරාදෙණිය / ගම්පොළ අතර සාමාන්‍ය දුම්රිය කාලසටහන 2026 ඔක්තෝබර් 2 වන දින සවස් වරුවේ සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



අභියෝග මධ්‍යයේ සිදුවූ ප්‍රතිසංස්කරණ

සුළි කුණාටු තත්ත්වය නිසා රඹුක්කන - ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103 ක් හානියට ලක්ව තිබූ අතර ඊට විශාල ප්‍රමාණයේ නායයාම් 36 ක්, දුම්රිය මාර්ග සේදී යාම් සහ පස්කඳු කඩා වැටීම් 67 ක් ඇතුළත් විය.

රඹුක්කන / කඩුගන්නාව ප්‍රදේශය දුම්රිය මාර්ග පද්ධතියේ වැඩිම ආනතිය සහිත කොටසක් වීම, ප්‍රදේශයට ළඟාවීමට විකල්ප මාර්ග නොමැති වීම සහ අයහපත් කාලගුණය හමුවේ අමුද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ දුම්රිය මගින්ම ප්‍රවාහනය කිරීමට සිදුවීම වැනි දැඩි අභියෝග රැසක් මැද මෙම ප්‍රතිසංස්කරණ සිදුකෙරිණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමඟ එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව විසින් මාර්ගය නැවත ධාවන තත්ත්වයට පත්කර ඇත.

කොළඹ කොටුව - ගම්පොළ දුම්රිය කාලසටහන

දුම්රිය අංක 1005 (පොඩි මැණිකේ) – දිනපතා
කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව. 5.55
ගම්පොළ ළඟාවීම – පෙ.ව. 9.06

දුම්රිය අංක 1035 – දිනපතා
කොළඹ කොටුව පිටත්වීම – ප.ව. 4.35
ගම්පොළ ළඟාවීම – ප.ව. 7.51

දුම්රිය අංක 1037 – දිනපතා
කොළඹ කොටුව පිටත්වීම – ප.ව. 5.15
ගම්පොළ ළඟාවීම – ප.ව. 7.53

ගම්පොළ - කොළඹ කොටුව දුම්රිය කාලසටහන

දුම්රිය අංක 1006 (පොඩි මැණිකේ) – දිනපතා
ගම්පොළ පිටත්වීම – ප.ව. 4.10
කොළඹ කොටුව ළඟාවීම – ප.ව. 7.23

දුම්රිය අංක 1040 – දිනපතා
ගම්පොළ පිටත්වීම – පෙ.ව. 4.35
කොළඹ කොටුව ළඟාවීම – පෙ.ව. 8.06

දුම්රිය අංක 1038 – දිනපතා
ගම්පොළ පිටත්වීම – පෙ.ව. 4.40
කොළඹ කොටුව ළඟාවීම – පෙ.ව. 7.12

නගරාන්තර සීග්‍රගාමී දුම්රිය කාලසටහන

1029 – කොළඹ කොටුව - පේරාදෙණිය
පිටත්වීම – ප.ව. 3.35
ළඟාවීම – ප.ව. 5.56

1030 – පේරාදෙණිය - කොළඹ කොටුව
පිටත්වීම – පෙ.ව.6.25
ළඟාවීම – පෙ.ව. 8.45

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem