ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ අද (31) සමත් වූහ.
මෙම තරගයේදී ලැබූ ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්රි ලංකාවට හැකි විය. දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගත්තේය ශ්රී ලංකාවය.
ජයග්රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා ක්රීඩිකාවෝ, ඕවරයක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී ශතකයක් ලබාගත් ඉමේෂා දුලානි තරගයේ දක්ෂතම ක්රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
ඉමේෂාගේ මංගල ශතකය
ප්රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඉමේෂා දුලානි, පන්දු 64 කට මුහුණ දෙමින් සිය මංගල විස්සයි-20 ශතකය ලබාගත් අතර එය විනිසුරුවරිගේ හිසට ඉහළින් එල්ල කළ අගනා හයේ පහරකින් සහ හතරේ පහර 17 කින් සැරසුවාය.
නායිකා චමරි අතපත්තු (39) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 78 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඉමේෂා සමත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ චමරිගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
ඉන් නොනැවතුණ ඉමේෂා, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් කවීෂා දිල්හාරි (11) සමග එක්ව පන්දු 36 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියාය.
පාකිස්තාන ඉනිම
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් රැස්කිරීමට සමත් විය. මෙම තරගයේදී එමාන් නසීර් සහ මොමිනා රියාසට් පාකිස්තානය වෙනුවෙන් ජාත්යන්තර වරම් හිමිකර ගත්හ.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ ආරම්භක පිතිකාරිණී ශවාල් සුල්ෆිකර් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 63 ක් රැස්කළාය.
නායිකා මුනීබා අලී (42) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සුල්ෆිකර් සමත් වූ අතර මුනීබාගේ ඉනිම හතරේ පහර 9 කින් සමන්විත විය.
ලකුණු පුවරුව
පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 176
(මුනීබා අලී 42, ශවාල් සුල්ෆිකර් 63, එමාන් නසීර් 21, අයේෂා සෆාර් 17, කවීෂා දිල්හාරි 36/2)
ශ්රී ලංකා කාන්තා පිල - ඕවර 19 කදී කඩුලු 4 ක් දැවී 177
(ඉමේෂා දුලානි නොදැවී 101, චමරි අතපත්තු 39, නෂ්රා සන්ධු 25/2)
Comments
Moderated before publishing. Your email stays private.