ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් ඊයේ (30) මධ්යම රාත්රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඉන්ධන වර්ග 3 ක මිල ගණන් ඉහළ ගොස් ඇති අතර වර්ග 2 ක මිල ගණන් නොවෙනස්ව පවතී. භූමිතෙල් සහ ඔක්ටේන් 95 පෙට්රල්, මිල නොවෙනස්ව පවතින ඉන්දන වර්ග 2 වේ.
නවතම මිල සංශෝධනය යටතේ ඔක්ටේන් 92 පෙට්රල් ලීයටරයක මිල රුපියල් 15 කින්ද, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50 කින්ද ඉහළ දමා තිබේ.
සංශෝධිත ඉන්ධන මිල ගණන්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව සංශෝධිත නව සිල්ලර මිල ගණන් පහත පරිදි වේ.
- ලංකා පෙට්රල් 92 ඔක්ටේන්: ලීටරයක පැවැති මිල රුපියල් 399.00 ක් වූ අතර එය රුපියල් 15.00 කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල රුපියල් 414.00 කි.
- ලංකා සුදු ඩීසල්: ලීටරයක පැවැති මිල රුපියල් 382.00 ක් වූ අතර එය රුපියල් 10.00 කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල රුපියල් 392.00 කි.
- ලංකා සුපිරි ඩීසල් : ලීටරයක පැවැති මිල රුපියල් 478.00 ක් වූ අතර එය රුපියල් 50.00 කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල රුපියල් 528.00 කි.
මිල වෙනස් නොවූ ඉන්ධන වර්ග
මේ අතර පහත සඳහන් ඉන්ධන වර්ගවල මිල ගණන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර පැවැති මිල ගණන් යටතේම අලෙවි කෙරේ.
- ලංකා භූමිතෙල්: ලීටරයක මිල රුපියල් 285.00 මට්ටමේම පවතී.
- ලංකා පෙට්රල් 95 ඔක්ටේන් : ලීටරයක මිල රුපියල් 475.00 මට්ටමේම පවතී.
Comments
Moderated before publishing. Your email stays private.