ජපානයේ නිෂින් නුවරදී ඉන්දියාවට එරෙහිව අද (1) පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 124 ක නින්දා සහගත පරාජයක් ලැබීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමට ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.
ඒ අනුව ලෝකඩ පදක්කම දිනාගන්නා කණ්ඩායම තීරණය කිරීම සඳහා අනිද්දා (3) පැවැත්වෙන තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට ශ්රී ලංකාවට සිදුවිය.
ශ්රී ලංකාව පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ ඉන්දියාව, අනිද්දා පාකිස්තානයට එරෙහිව රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් බිමිට පිවිසෙනු ඇත.
ඉන්දීය ඉනිම
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 169 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඉෂාන් කිෂන්, පන්දු 46 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 80 ක් රැස්කළේය.
ඉන්දීය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු වයිබව් සූර්යවංශි, පන්දු 21 කින් ලකුණු 38 ක් රැස්කිරීමට සමත් වූයේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
ශ්රී ලංකාව වෙනුවෙන් සහන් ආරච්චිගේ ලකුණු 28 කට කඩුලු 2 ක්ද, තරිඳු රත්නායක ලකුණු 32 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශ්රී ලංකා ඉනිම
ජයග්රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට ඉන්දීය පන්දු යවනන්ගේ දක්ෂ පන්දු යැවීමත්, පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීමත් හමුවේ ඕවර 9.5 ක් අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 45 ක් පමණි.
පළමු ඕවරයේදීම පිතිකරුවන් දෙදෙනෙක් ක්රීඩාගාරයට හරවා යැවීමට ජස්ප්රීට් බුම්රා සමත් වූ අතර ඔවුන් දෙදෙනාද සමග පිතිකරුවන් පස් දෙනෙකුම ලකුණු නොළබා දැවී යෑම ශ්රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.
අභිෂේක් ශර්මා ලකුණු 2 කට කඩුලු 2 ක්ද, ජස්ප්රීට් බුම්රා ලකුණු 7 කට කඩුලු 2 ක්ද, අක්සර් පටේල් ලකුණු 8 කට කඩුලු 2 ක්ද බැගින් බිඳහෙළමින් ශ්රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.
ලකුණු සාරංශය
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 169
(වයිබව් සූර්යවංශි 38, ඉෂාන් කිෂන් 80, සහන් ආචර්චිගේ 28/2, තරිඳු රත්නායක 32/2)
ශ්රී ලංකාව - ඕවර 9.5 කදී සියලු දෙනා දැවී 45
(නුවනිඳු ප්රනාන්දු 15, අභිෂේක් පෙරේරා 02/2, ජස්ප්රීට් බුම්රා 07/2, අක්සර් පටේල් 08/2)
Comments
Moderated before publishing. Your email stays private.