Swipe left or right to navigate stories
ඉන්දියානු වන්දනා චාරිකාවලට යන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා පහසුකම යළිත්

ඉන්දියානු වන්දනා චාරිකාවලට යන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා පහසුකම යළිත්

ඉන්දියාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා ලබාදුන් නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය යළි ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් නිවේදනය කරයි.

නව වීසා සේවා සපයන ආයතනයක් පත්කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම නොමිලේ වීසා පහසුකම ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබූ අතර නව සේවා සම්පාදකයා හරහා පසුගිය ජූලි 7 වැනිදා සිට අදාළ සේවාව යළි යථා තත්ත්වයට පත්කර ඇත.

වන්දනාකරුවන් සඳහා වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලු සහ සැක සංකා මෙම පියවරත් සමග සම්පූර්ණයෙන්ම නිරාකරණය වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.



අදාළ කොන්දේසි

මෙම නොමිලේ වීසා සහනය හිමිවන්නේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විශේෂ නිර්දේශය සහිත, සාමාජිකයින් 10 දෙනෙකුට වැඩි වන්දනා කණ්ඩායම් සඳහා පමණි.

අදාළ අයැදුම්පත් කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන ප්‍රදේශවල පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාල හෝ අයැදුම්පත් මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා ඇත.

වයස අවුරුදු 12 ත් 70 ත් අතර සෑම අයැදුම්කරුවෙකුම ජෛවමිතික දත්ත ලබාදීම අනිවාර්ය කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් එම ක්‍රියාවලිය ඉක්මන් කිරීම සඳහා විශේෂ පහසුකම් සලසා තිබේ.

එමෙන්ම වීසා සඳහා ගාස්තුවක් අය නොකෙරුණද, ඉන්දීය කොන්සියුලර් අයැදුම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයුම් සහ සේවා ගාස්තුව ලෙස රුපියල් 1,855 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem